29.6 C
Galle

මහින්ද රාජපක්ෂ, අධිකරණ නියෝගයත් නොතකා හැරලා

Published:

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අධිකරණ නියෝගයක් කඩකර ඇතැයි අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ අනාවරණය විය.

පසුගිය මැයි 12 වැනි දා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කරමින් නියෝගයක් නිකුත්කර ඇතත් මෙතෙක් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දී නැතැයි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අනාවරණය කළේය.

පසුගිය මැයිි 09 වැනි දා සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධ නඩු  විභාගයේ දී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් මේ බව අනාවරණය කළාය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, රේණුක පෙරේරා සහ ‍කොළඹ මහා නගර  සභා මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනකුගේ විදේශ ගමන් බලපත්‍ර මෙතෙක් බාර දී නැත. 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, රේණුක පෙරේරා සහ මහින්ද කහඳගමගේ පවසා ඇත්තේ තමන් ගමන් බලපත්‍ර නිවසේ තිබිය දී ගිනිගෙන විනාශ වී ඇති බවයි.

Related articles

error: Content is protected !!