27 C
Galle

ජොන්ස්ටන් මහේස්ත්‍රාත්ගේ නිල නිවසට පැමිණ භාර වෙයි

Published:

අරගලකරුවන්ට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින නිල නිවසට පැමිණ ඇතැයි වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්න යැයි අද (09) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු එම අධිකරණයෙන් වූ අද රාත්‍රී 8.00 ට පෙර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න යැයි දුන් නියෝගය අනුව මෙලෙස භාර වී ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්න යැයි ද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!