27 C
Galle

ජොන්ස්ටන් පිටව යයි

Published:

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිටින මහරගම පදේශයේ නිල නිවසට පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර එම ස ස්ථානයෙන් නික්ම ගියේය.

ඔහු රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (09) නියෝග කිරීම හේතුවෙන් ඇප ලබා ඔහු මෙලෙස පිටව ගියේය.

අද රාත්‍රී 8.00ට පෙර අධිකරණයට බාර වන ලෙස අභියාචනාධිකරණනය ඔහුට නිකුත්කරන ලද නියෝගයට අනුව පැමිණ තිබිණි

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න යැයි මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙස ද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!