29.6 C
Galle

රාජ්‍ය නිලධාරීන් දේශපාලනය කිරීම අර්බුදයට හේතුව බව මහ බැංකු අධිපතිවරයා කියයි

Published:

රාජ්‍ය නිලධාරීන්න දේශපාලනය නොකළ යුතු බවත්, ඔවුන් දේශපාලනය කිරීම රටේ කඩා වැටීමට හේතුවක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේ දී කීවේය.

ඔහු පවසන්නේ මහ බැංකුවේ මීට පෙර හිටි නිලධාරීන් කියනවානම් කැබිනට් එක කියපු නිසා මට කරන්න දෙයක් නෑ අපි ඒක ක්‍රියාත්මක කරනවා කියලා කියනවානම් වගකිව යුතු නිලධාරීන් කණ්ඩායමක් ලෙස මේ සියලු දේට වගකීම ගත යුතු බවයි.

රටේ ආර්ථිකය මේ ආකාරයෙන් කඩා වැටෙන ආකාරය හිටපු නිලධාරීන් නොදැක්කේ දැයි වත්මන් මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කරයි. එම ආර්ථික අවපාතය දැක කිනම් ක්‍රියාමාර්ගයක් ගත්තේ, ඇමතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට ඒ බව දැනුම් දුන්නේ ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියේය.

“මේ ක්‍රියාමාර්ග නිලධාරීන්ගේ පැත්තෙන් වුණා ද නැද්ද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. දේශපාලන නායකත්වය කියන්නේ විශේෂඥයන් නෙවෙයි. නිලධාරීන්ගේ වගකීම තමයි එහෙම වෙලාවට කියලා ඒ වැරදි තීන්දු වෙනස් කරන එක. එහෙම නොකරනවානම් නිලධාරීන් කරන්නෙත් දේශපාලනය. ඒකයි මගේ මතය” යැයි මහ බැංකු අධිපතිවරයා කීවේය.

රජයේ වගකිව යුතු නිලධාරීන් දේශාලනය කිරීමෙන් වැළකිය යුතුයැයි ද, දේශපාලකයන් සහ නිලධාරියකු අතර වෙනස නිසිලෙස හඳුනාගත යුතුයැයි ද ඔහු පැවසීය. දේශපාලකයන් විසින් ගන්නා නිවැරදි නොවන තීරණ පෙන්වාදීම රාජ්‍ය නිලධාරීන්‍ගේ වගකීම බව ද හෙතෙම කීවේය.‍

මහ බැංකු අධිපතිවරයා පවස්නනේ වසර දෙකක් යනතුරු රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව, රටේ ආර්ථිකය බිඳ වැටෙන තුරුම තමන් දැනුම්වත්ව නැතැයි කීම, දේශපාලන අධිකාරිය කියූ නිසා කළා යැයි කීම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ රජයේ නිලධාරීන් පැවසීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

Related articles

error: Content is protected !!