29.6 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (09) දිනයේ ගනුදෙනු 14,189 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 917 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 108කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,881ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 151
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 117
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 74

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.8
  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 07
  • වැලිබල් වන් සමාගම කොටස් මිලියන 3.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • කැන්ඩි හොටෙල් සමාගම 22.8%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 383
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 173

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 12ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 10කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 02ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 2.7
  • ස්විස් ටෙක් සමාගම රුපියල් මිලියන 2.6
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 0.9

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 2.7
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 1.5
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 0.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!