29.6 C
Galle

විදුලි බල පනත සංශෝධනයෙන් සිදුවන දේ මෙන්න

Published:

පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) සම්මත වූ විදුලිබල සංශෝධන පනත හේතුවෙන් විදුලි නිෂ්පාදකයන්ගේ තරඟකාරී පදනම මත විදුලිය මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රමවේදය අහෝසි වී යයි.

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතේ 43 වැනි වගන්තිය සංශෝධනය කිරීම ඊයේ සිදුකෙරිණි.

එම වගන්තිය අනුව සැපයුම්කරුවන්ගෙන් විදුලිය මිල දී ගැනීමේ දී ටෙන්ඩරයට ඉදිරිපත්වන පිරිස අතරින් අඩුම මුදලකට විදුලිය සපයන තැන්තන් අතරින් අයකු කොමිෂන් සභාව විසින් තෝරාගත යුතුව තිබිණි. 

විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමා විසින් 2022 මැයි මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මගින් යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීම පිණිස බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබාදීම සිදුවෙයි.

එහි දී යම් අයකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25ක් ඉක්මවා සහ අභිබවා විදුලිබලය උත්පාදන කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම සහ උත්පාදන ධාරිතාව පිළලිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සදහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීම මෙම සංශෝධන මගින් සිදුවනු ඇත.

Related articles

error: Content is protected !!