27 C
Galle

කාරයක් දුම්රියේ ගැටි දෙදෙනකු මරුට

Published:

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ දී කොළඹ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රියේ කාරයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (09) රාත්‍රී මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බිංගිරිය බිඳුණුවැව පදිංචි වයස අවුරුදු 36 සහ 32 වයස්වල පසුවන දෙ‍දෙ‍නෙකි.

ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකින් ගමන් කිරීමට යාමේ දී දුම්රියේ වැදුණු මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් ඉදිරියට තල්ලුවී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

යාපනය පොලිසිය අනතුර සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඡායාරූපය – Accident 1st facebook පිටුවෙනි

Related articles

spot_img
error: Content is protected !!