28.3 C
Galle

මෙරට ජනයාගෙන් ලක්ෂ 50කට පමණ ආහාර ආධාර අවශ්‍යයි

Published:

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 22%ක් හෙවත් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයකට ආහාර ආධාර සැපයීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ නේවාසික සම්බන්ධිකාරක හැනි සිගර් මේ බව කියා සිටියාය.

පසුගිය කාලයේ මෙරට ප්‍රධාන ආහාරය වූ බත් සඳහා අවශ්‍ය වී අස්වැන්න බෙහෙවින් පහළ වැටීමත් අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වීම සඳහා ආර්ථික අර්බුදයේ බලපෑමත් මේ තත්වයට හේතුවක් බව ද ඇය පෙන්වා දෙයි.

හැනි සිගර් පවසන්නේ මෙරට අඩු ආදායම් ලාභී පවුල් ඒකක පළමුවෙන් මේ අර්බුදයෙන් පීඩා විඳින බවයි.

Related articles

error: Content is protected !!