26.4 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද ගනුදෙනු වූ හැටි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (09) දිනයේ ගනුදෙනු 16,007 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,326ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,898ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 418
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 147
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 142

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 06
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මල්ටි ෆිනෑන්ස් සමාගම 23%
  • නේෂන්ස් ලංකා සමාගම 16%
  • එච්ඩීඑෆ්සී සමාගම 15%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 374
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 172

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 28ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 05ක මුදලක් අද දිනයේ ආයෝජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාට සමාගම රුපියල් මිලියන 06
  • ස්විස් ටෙක් සමාගම රුපියල් මිලියන 04
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 2.7
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 1.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!