27 C
Galle

මන්නාරමේ ගැටුමකින් දෙදෙනෙක් මරුට

Published:

මන්නාරමේ, නොච්චිකුලම ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් දෙදෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මන්නාරම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වන්නාකුලම්, උයිලන්කුලම, මන්නාරම පදිංචි ජේසුදාසන් රාමයියා (45) සහ ජේසුදාසන් දේවරාජ් (34) නමැති සහෝදරයන් දෙදෙනෙකි.

පොලිසිය පවසන්නේ මෙම ගැටුම පුද්ගලික කෝන්තරයක් හේතුවෙන් ඇතිවූවක් බවයි. තුවාල ලැබූ සිව් දෙනා මේ වනවිට මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!