26.4 C
Galle

කොටුව දුම්රිය පොළේ දැඩි කලබලයක්. ප්‍රවේශපත්‍ර ගත් මගීන් දමා දුම්රිය යයි

Published:

රජයේ කාර්යාල හදිසියේ ම නිවාඩු ලබා දීම හේතුවෙන් ඇති වූ දීර්ඝ නිවාඩුවත් සමඟ විශාල පිරිසක් සිය ගම්බිම් බලා යාමට පැමිණීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ මේ වනවිට දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇත.

බදුල්ල බලා උදෑසන 8.30 ගමන් ආරම්භ කළ උඩරට මැණිකේ දුම්රිය සම්පූර්ණ මගී  ධාරිතාව ඉක්මවා ධාවනය වූ අතර වැඩි පිරිසකට දුම්රියට ගොඩවීමට නොහැකිවීම හේතුවෙන් දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණි.

එමෙන් ම උදෑසන මහනුවර සිට මාතර දක්වා ධාවනය වන දුම්රියට ද මගීන් විශාල පිරිසකට නැගගත නොහැකි වූයේ එහි නැගීමට කිසිදු ඉඩක් නොතිබූ බැවිනි.

දුම්රියට ගොඩවීමට නොහැකි වූ මගීන් සියල්ලෝම සිය ගමනාන්තය දක්වා ප්‍රවේශ පත්‍ර රැගෙන තිබිණි. ඔවුහු ප්‍රවේශ පත්‍ර කවුළු වෙත ගොස් තමන් ගෙවූ ගාස්තු නැවත ඉල්ලා කෑ කෝ ගැසූහ.

ඔවුන්ගේ තර්කය වන්නේ දුම්රියක මගී ධාරිතාව ඉක්මවා ඇති බව දැන දැනත් තමන්ට ප්‍රවේශ පත්‍ර ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව බරපතල වරදක් කර ඇති බවයි.

Related articles

error: Content is protected !!