26.4 C
Galle

සළාක ක්‍රමයට තෙල් දීමේ සූදානමක්. ෂෙඩ් එකේ ලියාපදිංචිය අවශ්‍යයි

Published:

සළාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට රජයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සිදුවෙමින් පවතී. මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධ අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

ඔහු මේ බව කියා සිටියේ අද (11) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඉන්ධන පරිභෝජනය කරන සෑම පුද්ගලයකු ම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළේ ලියාපදිංචිවීම අනිවාර්ය වේ. ලියාපදිංචිවන ඉන්ධන පරිභෝජකයන්ට පමණක් සළාක ක්‍රමයට තෙල් නිකුත්කිරීමට ඉදිරියේ දී  කටයුතු යොදනු ඇත.

පොදු ‍ප්‍රවාහන සේවා, කර්මාන්ත ක්ෂේත්‍රය, ධීවර හා කෘෂිකර්ම කටයුතු සඳහා ඉන්ධන සැපයීමේ ප්‍රමුඛතාව ලබාදීම අවශ්‍යවන බැවින් මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

Related articles

error: Content is protected !!