26.4 C
Galle

පාස්පෝට් කන්තෝරුව සඳුදාටත් විවෘතයි

Published:

අත්‍යාවශ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බැවින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රා‍දේශීය කාර්යාල සඳුදා (13) දිනයේ දී ද විවෘතව තබන බව  ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

2022 ජුනි 10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2022 අනුව සඳුදා 13 කාර්යාල වසා තැබීමට රජය තීරණය කර ඇතත් සමාන්‍ය ජනතාවට එදින ද පෙර පරිදිම සේවාවන් ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු යෙදා තිබේ.

Related articles

error: Content is protected !!