27.1 C
Galle

සුරා බදු ආදායම් අඩුවෙලා. සේවක හිඟය නිසා වැටලීම් සීමා වෙයි

Published:

නිසි පරිදි සුරාබදු දෙපාර්තමේන්තුවේ තනතුරු පුරප්පාඩු පුරවා නොමැතිවීම හේතුවෙන් වැටලීම් අඩුවී රජයට ලැබෙන ආධායම විශාල වශයෙන් අඩු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරු 34ක් පුරප්පාඩු වී ඇති අතර අනෙකුත් තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව 340කි. මේ හේතුවෙන් ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවී වැටලීම් ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු වී ඇත.

ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ 2017 වර්ෂ‍ේය දී වැටලීම් 53,848ක් සිදුකර ඇති බවයි. නමුත් 2020 වර්ෂයේ දී වැටලීම් සංඛ්‍යාව 39,623ක් දක්වා අඩු වී ඇත.

කොරෝනා වසංගතය ද මෙලෙස වැටලීම් අඩුවීමට හේතු වන්නට ඇති බව සුරාබදු නිලධාරීන් පවසා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!