27.1 C
Galle

“වී ගබඩා කළ මත්තල, තල ගබඩා කරමු. මාසයකට පාඩුව කෝටි 10යි”

Published:

“මත්තල ගුවන්තොටුපොළේ වී බැරිනම් තල ගබඩාවක් හරි පටන්ගන්න හොඳයි. එතකොට ජනතාවට කන්න දෙන්න පුළුවන්” යැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කීවේය.

අද (11) මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරිමේ දි අනාවරණය වූයේ මත්තල ගුවන්තොටුපොළ පවත්වාගෙන යාමේ දී මාසයකට රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන බවයි.

මේ හේතුවෙන් වහාම ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යුහගත කළ යුතුයැයි ද අමාත්‍යවරයා කීවේය. ඒ අනුව වියදම් අඩුකිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. හදිසි ගොඩබෑම් සඳහා මේ ගුවන්තොටුපොළ පවත්වාගෙන යමාට සිදුව ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!