27.1 C
Galle

වී මිල රුපියල් 300ට නගී. හාල් මිල නොසිතූ විරූ ලෙස ඉහළ යාමේ අවදානමක්

Published:

ගොවීන්ට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 300.00 බැගින් ගෙවා මහා පරිමාන මෝල් හිමියන් විසින් රට පුරා වී මිල දී ගනිමින් සිටින බව විවිධ ප්‍රදේශවලින් වාර්තා  වෙයි.

ඉදිරියේ දී ආහාර හිගයක් ඇතිවේ යැයි පැතිරයන තොරතුරු හේතුවෙන් ‍ගොවීන් තම අස්වැන්න අළෙවි කිරීමට මැළිකමක් දැක්වීම මෙයට හේතුවක් වී ඇත. පසුගිය සතියේ දී වී කිලෝ ග්‍රෑමයක් මිල දී ගත්තේ රුපියල් 150.00ක් වැනි මිලකට බව ද ගොවීන් පවසයි. දැන් ඒ සඳහා ඉල්ලුම දෙගුණයක් වී තිබේ.

රුපියල් 300.00කට මිල දී ගන්නා වී තොග සහල් බවට පත්කර වෙළෙඳ පොළට නිකුත් කරන විට සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 500.00ත් 600.00ත් අතර මිලකට අළෙවි වනු ඇතැයි සහල් වෙළෙන්දෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!