26.4 C
Galle

ලංවිම සභාපතිට සිදුවූ පෙරැළිය

Published:

කෝප් කමිටුව හමුවේ තමන් කරන ලද ප්‍රකාශ පිළිබඳ සමාව ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු පවසයි.

ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි විරෝධයක් පළකිරීමෙන් පසු ෆර්ඩිනැන්ඩු මෙලෙස සමාව ඉල්ලා තිබේ.

කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම කරුණු දැක්වීමේ දී ඉන්දීය අගමැති යනුවෙන් කරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ‍බවයි. තමන් එම අවස්ථාවේ දී තිබූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ බව ද ෆර්ඩිනැන්ඩු පවසයි.

Related articles

error: Content is protected !!