ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරියේ දී රුසියාවෙන් ඛනිජ තෙල් මිල දී ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදෙස් මාධ්‍ය හමුවේ කියා තිබේ.
රුසියාවේ තෙල් නැව් ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇතැයි ද රජය රුසියන් තෙල් අඩුමිලට නොගන්න බව ද එක්තරා පුවත්පතක් විසින් පළකරන ලද පුවතකට සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල ප්‍රචාරයක් ලැබිණි. නමුත් එම පුවත අසත්‍යයක් බව පවසමින් එම පුවත සම්බන්ධයෙන් අදාල පුවත්පතට නඩු පවරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීමත් සමඟ පුවත්පතේ කතුවරයා ද අමාත්‍යවරයට පුද්ගලිකව කතා කර වැරදි තොරතුරක් මත එම පුවත පළවී ඇතැයි කණගාටුව ප්‍රකාශ කර තිබිණි.
ඉන් පසු රුසියන් තෙල් ගැන ප්‍රචාරයන් සිදුවූයේ නැත.
අගමැතිවරයා පවසන්නේ ඉන්ධන අර්බුදයෙන් මිදීමට රුසියන් තෙල් මිල දී ගැනීමට සිදුවනු ඇති බවයි.
ඔහු එසේ කීව ද මේ වනවිට යුක්රේනයට රුසියාව විසින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඇමෙරිකාව, යුරෝපා සංගමය, එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් රුසියාවට සම්බාධක පනවා තිබේ. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන සහ රටවල ආධාර උපකාර අවශ්‍යම අවස්ථාවක දී රුසියාව සමඟ තෙල් ගනුදෙනුවක් සිදුකිරීම එම සම්බන්ධතාවලට ගැටලුවක් වනු ඇත්ද යන්න පිළිබඳව ද දේශපාලන ක්ෂේත්‍රයේ එකිනෙකට පරස්පර විරෝධී මත පළවෙිමන් තිබේ
පසුගිය දා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් රුසියානු තානාපතිවරයා මුණගැසුණු අවස්ථාවේ දී ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කළ ද ඔවුන් රුසියානු ණය පහසුකම් යටතේ තෙල් ලබාදීමට එකඟ නොවූ බවයි.


