ගෘහස්ථ ගෑස් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (12) මොරටුව රාවතාවත්ත ප්‍රදේශයෙන් ගාලු පාර අවහිර කර ඇත.
මේ හේතුවෙවන් ගාලු පාරේ කොළඹ දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන් ම අවහිර වී ඇත. දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බැවින් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.


