27.1 C
Galle

Facebook ඇතුළු සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඇමති නිමල් සිරිපාල කියයි

Published:

‍Facebook ඇතුළු සමාජ මාධ්‍ය පාලනය කිරීම සදහා නීති ප්‍රතිපදාන සකස්කළ යුතුයැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

ඔහු පවසන්නේ තමන් මේ ගැන ද මීට පෙර අවස්ථාවල දී ‍ද බොහොම දැඩිව අදහස් ප්‍රකාශ කළ බවයි.

“ෆේස්බුක් එකෙන් පණිවිඩ යවලා අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් විනාශ කරන්න කටයුතු කළ බලවේග ගැන අපි කල්පනා කරන්න ඕනේ. මීට පෙරත් කැබිනට් මණ්ඩලයේ දී මම මේ විනාශය ගැන බොහොම තදින් කතා කරපු කෙනෙක්. ‍මේ සමාජමාධ්‍යවලින් කරන වැඩකටයුතු නවත්වා දැමීමට අපි ශක්තිමත් නීති ප්‍රතිපාදන හදන්න ඕනෑ. අපි දැනටත් ප්‍රමාද නෑ.  මේ ගැන අපේ හිටපුප අගමැතිතුමාත් දන්නවා.” යැයි ද අමැතිවරයා කීවේය.”

Related articles

error: Content is protected !!