27.1 C
Galle

බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යද්දී මුහුදේ අතරමං වූ පිරිසක් අත්අඩංගුවට

Published:

මීගමුවේ සිට ඕස්ට්‍රේලියාව බලා බෝට්ටුවකින් යමින් සිටි 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔවුන් අතර පිරිමි 20 දෙනකු, ගැහැනු 05 දෙනකු, 07 දෙනකු සහ ධීවර බෝට්ටුවේ සේවකයන් 06 දෙනකු සිටි බව නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ලෙස ගමන්කරමින් සිටි මෙම පිරිස ගැඹුරු මුහුදේ දී බෝට්ටුව කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දින 06ක් මුහුදේ පාවෙමින් සිට ඇතැයි ද පොලිසිය පවසයි.

නාවික හමුදාව පවසන්නේ එම බෝට්ටුව අත්අඩංගුවට ගන්නා විට පානම මුහුදු වෙරළේ සිට මුහුදු සැතපුම් 1.7ක් දුරින් රැදී සිටි බවයි.

මෙලෙස අනවසරයෙන් බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ ගෙන ඇත්තේ හලාවත උඩප්පුවේ පිරිසකි.

ඔවුන් පානම පොලිසිය භාරයට පත්කර ඇති අතර පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!