27.1 C
Galle

අධිමිලට විකිණීමට සඟවාගෙන සිටි හාල් කිලෝ 30,000ක් අකුරැස්සේ දී අල්ලයි

Published:

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ අකුරැස්ස, බංගම හන්දියේ වෙළෙඳ සැළක සඟවා තිබූ සහල් කිලෝ 30,000ක් අද (13) දහවල් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

අධි මිලට සහල් විකුණන බවට ලැබුණු තොරතුරක් අනුව එම අළෙවි සැළට උපාය දූතයකු යවා සහල් මිල දී ගැනීමේ දී ඔහුට සහල් කිලෝ එකක් රුපියල් 270.00 බැගින් අළෙවි කර තිබිණි. ඒ මොහොත් ම අනෙක් නිලධාරීන් ද පැමිණ වෙළෙඳ සැල පරීක්ෂා කිරීමේ දී එහි ගබඩා කර තිබූ සහල් කිලෝ ග්‍රෑම් 30,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

වෙළෙඳ සැල් හිමියා පාරිභෝගික අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරීන්ට පවසා ඇත්තේ සහල් සඳහා පාලන මිල පැනවීමට පෙර ඊට වඩා වැඩි මිලකට සහල් ගෙන ආ බවයි. එබැවින් පාලන මිලට ඒවා විකිණිය නොහැකි බව ද ඔහු කියා තිබේ.

නමුත් එම සහල් තොග බහාලූ මළුවල සඳහන්ව ඇත්තේ ඒවායේ නිෂ්පාදිත වර්ෂය 2021 යනුවෙනි.

ඡායාරූපය – News 9, facebook ගිනුමෙනි

Related articles

error: Content is protected !!