27.1 C
Galle

අතීසාරයට අමුඩ ගහන ආණ්ඩුව, ගොවීන්ට පොහොර අහිමිකරලා, රජයේ සේවකයන් වගාවට ගෙදර තබයි

Published:

සතියේ රාජකාරී කිරීමට නියමිත එක් දිනයක් රජයේ සේවකයන් සඳහා නිවාඩු ලබ දී ඔවුන් වගා කටයුතු සඳහා යෙදවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වෙන්නේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මගී ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බැවින් රාජ්‍ය සේවකයන් රාජකාරි කිරීමට නියමිත එක් දිනක් නිවසේ සිට ගෙවතු ආශ්‍රිත හෝ වෙනත් කෘෂිකාර්මික කටයුත්තක නිරත විය යුතු බවයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට යෝග්‍ය බව ද ඇමතිතුමා ඉදිරිපත් කළ සංදේශයේ දක්වා ඇත.

මෙය ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට ක්‍රියාත්මක වන බව ද රජය පවසයි. ඒ අනුව ඉදිරි මාස තුනක කාලයේ දී අනෙකුත් විෂයයන්ට අදාල රාජ්‍ය ආයතන සතියේ සිකුරාදා දිනයේ වසා තැබීමට නියමිතය.

Related articles

error: Content is protected !!