29.8 C
Galle

සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගිය තිදෙනෙක් මුහුදේ අතුරුදන්

Published:

සිල් සමාදන් වූ මවට දානය රැගෙන ගොස් අනතුරුව රළ පාගන්නට මුහුදට ගිය මවක් ඇතුළු තිදෙනකු අද (14) දහවල් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

අම්බලන්‍තොට, වැලිපටන්විල විහාරස්ථානයට ගොස් ඔවුන් මෙලෙස මුහුදේ රළ පෑගීමට ගොස් ඇත. එලෙස අතුරුදන්ව ඇත්තේ කිවුල ප්‍රදේශයේ පදිංචි 55  හැවිරිදි මවක් සහ ඇගේ පුතා සහ ඥාති පුත්‍රයෙකි.

රළ පාගමින් සිටිය දී එම තිදෙනා ගසාගෙන ගිය බව රළට හසුවී බේරී ‍ගොඩට පැමිණි අයකු පොලිසිය පවසා ඇත. අතුරුදන් වූ කාන්තාවගේ මව සිල් සමාදන්වීම හේතුවෙන් ඇයට අද දහවල් දානය රැගෙන මේ පිරිස එහි ගොස් තිබිණිි.

Related articles

spot_img
error: Content is protected !!