27.1 C
Galle

බඳින තුවක්කුවක් පත්තු වී හිමිනමක් අපවත්‍ වෙති

Published:

සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවී පොල්පිතිගම නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ හිමිනමක් අපවත්වී ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අපවත් වී ඇත්තේ උඩුගම පද්මවංශ නමැති හිමිනමකි.  අනෙක් කුටිවල වැඩ සිටින හිමිවරුන් අපවත් වූ හිමියන් අවසන් වරට දැක ඇත්තේ පසුගිය 10 වැනි දාය. අපවත් වූ හිමියන් ද ඇතැම් දිනවල දී ගම්මානයට පිඬු සිඟා වඩින අතර අතරමඟ සකසා ඇති ස්ථානයක දී දන් වළඳා නැවත කුටියට වඩිති.

කෙසේ වෙතත් පසුගිය 12 වැනි දා වෙනත් හිමිනමක් වනාන්තරය හරහා ගමට පිඬු සිඟා වඩිද්දී මෙම හිමියන් අපවත්වී සිටිනු දැක ඇත.

පොලිසිය පවසන්නේ පිඬු සිඟා වැඩීමෙන් පසු අදාළ ස්ථානයේ සිට දන් වළඳා අසළින් ගලා බසින ඇලෙන් පාත්‍රා සෝදාගෙන සුපුරුදු මාර්ගය මඟ හැර කෙටි මඟක් ඔස්සේ යළි ආරණ්‍ය වෙත වැඩම කරද්දී මේ අනතුර සිදුව ඇති බවයි. එම මාර්ගයේ අටවා තිබූ බඳින තුවක්කුවක පත්තුවීමෙන් හිමියන්ගේ පාද දෙකටම දැඩි හානි සිදුව ඇති අතර කිසිවෙකුත් නොපැමිණීම හේතුවෙන් අධික ලේ වහනය නිසා ම මරණය සිදුවන්නට ඇතැයි සැක කරයි.

කෙසේ වෙතත් දේහය සොයා ගන්නා විටත් යම් තරමක් දුරට නරක් වී තිබී ඇත.

Related articles

error: Content is protected !!