27.1 C
Galle

ඉන්ධන දීමේ වැඩපිළිවෙලක් නැත්නම්, සියලු ප්‍රවාහන සේවා ඉවත්වීමේ තීරණයක්

Published:

ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන ලබාදිමේ නිසි ක්‍රමවේදයක් සකසන්නේ නැතිනම් ඉදිරි සති දෙක ඇතුළත සියලුම ප්‍රවාහන සේවාවලින් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

එහි කැඳවුම්කරු සම්පත් රණසිංහ කියා සිටියේ මගී බස් රථ සේවා, පාසල් සිසු ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, ත්‍රී රෝද රථ, භාණ්ඩ ප්‍රවාහන සේවා සහ බහාලුම් ප්‍රවාහන සේවා යන සියල්ල නතර කිරීමට සිදුවන බවයි.

‍පුද්ගලික බස් රථ සංගම්, පාසල් වෑන් රථ සංගම් සහ ත්‍රී රෝද රථ සංගම් ඇතුළු සියලු ප්‍රවාහන අංශවල සංගම් 16ක නියෝජිතයන් සහභාගී වූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

එමෙන් ම ප්‍රවාහන ‍සේවා සඳහා යොදවා ඇති වාහන සඳහා අවහ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් ආදායම් අහිමි වී ඇති බැවින් ලීසිං වාරික ගෙවා ගැනීමට දෙසැම්බර් මාසය දක්වා හෝ සහනයක් ලබා දෙන ලෙස ද මෙම සංගම් ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!