29.8 C
Galle

තෙල් දෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට පමණයි. අනිත් අය ගෙදර ඉන්න

Published:

මින් ඉදිරියට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් යැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එබැවින් පෝළිම්වල රැඳීමෙන් අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙසත් එම සංගමය රට පුරා සියලු ජනතාවට දැනුම් දෙයි.

සෑඹ දිස්ත්‍රික්කයක ම තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලට පමණක් ඩීසල් ලබා දෙන අතර  එලෙස ලබාදෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් යැයි ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න පවසයි.

සාමාන්‍ය ජනතාවට ඩීසල් ලබාදෙන්නේ නම් එසේ ලබාදිය හැක්කේ හෙට (16) ඩීසල් සහිත නැවක් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඒවා ගොඩබා නියමිත පරිදි බෙදාහැරීමෙන් පසුව බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එමෙන් ම පෙට්‍රල් ලබාදීමේ දී ද අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ප්‍රමුඛතාව ලබාදෙන බව ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!