29.8 C
Galle

මහින්දටත්, විධායක ජනාධිපති එපා ම වෙලා. 21ට සහය දෙන්න කොන්දේසි දමයි

Published:

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කල බවය.

එම සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බවද රාජපක්‍ෂ මහතා පවසා ඇති අතර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීමට ප්‍රශ්නයක් නැතත් බලයක් නැති අගමැති කෙනෙකුට විධායක බලතල පත්වීමට විරුද්ධ බව ද ඒ මහතා පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!