ශ්‍රී ලංකාවට වත්මන් අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය දෙන බවට ඇමරිකා ජනාධිති ජෝ බයිඩන් ප්‍රකාශ කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා පවසන්නේ ධවල මන්දිරයට ගොස් ශ්‍රී ලංකා තානාපතිවරයා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වී ඇත. එම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදී ම සඳහා හැකි සහාය දෙන බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකාව මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් ස්තූතිය පළකරන බව ද අගමැතිවරයා කීවේය.


