24.7 C
Galle

සිපෙට්කෝ ප්‍රධාන කාර්යාලය වටලයි. සේවකයෝ කොටු වෙති. තැන තැන උද්ඝෝෂණ

Published:

ඉන්ධන සහ ගෑස් ඉල්ලමින්  ප්‍රදේශ ගණනාවක පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් අවහිර වී තිබේ.

මේ අතර දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ද ජනතාව විසින් වටලා තිබිණි. ඔවුන් එම ස්ථානය වටලා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් එහි සේවක සේවිකාවෝ කාර්යාලය තුළ සිර වී සිටියහ.

පොලිසිය මැදිහත් වී තත්වය පාලනය කරන ලදී.

ඇතැම් ස්ථානවල වාහන හිමිකරුවන් වාහනවලින් මාර්ග හරස්කරගෙන සිටි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ ඇති දිගු පෝළිම් හේතුවෙන් ද දැඩි වාහන තදබදයක් හටගෙන තිබිණි.

Related articles

error: Content is protected !!