24.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (15) දිනයේ ගනුදෙනු 11,524 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,120ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 116කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,772ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 205
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 151
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 78

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
  • මුලර්ස් සමාගම කොටස් මිලියන 3.9
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 3.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්.එන්.බී. ලීසිං සමාගම (X) 50%
  • මුලර්ස් සමාගම 33%
  • ඩයලොග් ෆිනෑන්ස් සමාගම 24%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 342
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 227
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් බිලියන 172

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 155ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 161කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 06ක මුදලක් අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රම්බොඩ ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 9.8
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 1.6
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 1.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 05
  • ඩයලොග් ආසියාට සමාගම රුපියල් මිලියන 2.6
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 2.2

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!