29.8 C
Galle

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Published:

ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසල් සිසුවකු උපකාරක පන්ති අසළ අයිස් මත්ද්‍රව්‍ය අළෙවි කරමින්  සිටිය දී අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන බටගම ප්‍රදේශයේ දී ය. උපකාරක පන්තිවලට සහභාගීවන සිසුන්ට පාසල් සිසුවකු විසින් මත්ද්‍රව්‍ය අළෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

කඳාන පොලිසිය පවසන්නේ සැකකාර සිසුවාට මත්ද්‍රව්‍ය දුන් පුද්ගලයන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!