24.7 C
Galle

පස් හැවිරිදි දරුවා ගඟට තල්ලුකළ මව අත්අඩංගුවට, සිරුර සොයා මෙහෙයුම්

Published:

තම පස් හැවිරිදි පුතු කැලණි ගඟට විසිකර ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහගත් කාන්තාවක් ඊයේ (15) රාත්‍රී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍පොලිසිය පවසන්නේ ඊයේ රාත්‍රී 7.20ට පමණ ඇය තම පුතු මෙලෙස ගඟට තල්ලුකර දමා ඇති බවයි.

තම දරුවා ගඟට තල්ලුකර දමා ඇය ගඟට පැනීමට උත්සාහ ගන්නා අවස්ථාවේ දී මාර්ගයේ ගමන්ගත් පිරිසක් ඇය අල්ලාගෙන පොලිසියට බාර දී ඇත.

ගඟට වැටුණු දරුවා සොයා පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර කාන්තාව පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

Related articles

error: Content is protected !!