24.7 C
Galle

රජයේ ඉදිකිරීම්වලින් 95%ක් ම වැඩකට නැතැයි අනාවරණය වෙයි

Published:

රජයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් 95%ක් ම නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක ඊයේ (15) කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අගමැති රනිල් වික්‍රමසිංිහගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ය.

නිවැරදි ශක්‍යතා අධ්‍යයනකින් තොරව ඉදිකිරීම් ආරම්භ කිරීම හේතුවෙන් එම ව්‍යාපෘති වැඩි ප්‍රමාණයක් අසාර්ථ වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර සොයා බලන ලෙස අගමැතිවරයා උපදෙස් දුන්නේය.

අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන් ම පුද්ගලික අංශයේ නියෝජිතයන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related articles

error: Content is protected !!