29.8 C
Galle

අක්කාගේ නිවසට ගිය මල්ලී, කපා කොටා මරා දාලා

Published:

කුරුවිට සිට ගොඩිගමුවේ සිය සොහොයුරියගේ නිවසට ගිය පුද්ගලයෙක්, ඊයේ (15) රාත්‍රී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුරුවිට, කීරගල ප්‍රදේශයේ පදිංචි රුවන් ශාන්ත (44) නමැති දෙදරු පියෙකි.

ඔහු ගොඩිගමුව, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි සිය වැඩිමල් සොහොයුරියගේ නිවසට පැමිණ සිටිය දී එම නිවසට ඇතුළු වූ පිරිසක් ඔහුට පහර දී කපා කොටා නිවසේ භාණ්ඩවලට ද හානිකර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය එම ස්ථානයට යනවිට නිවසේ කාමරයක් තුළ ඔහු දරුණු තුවාල සහිතව මියගොස් සිටි බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!