රජයේ කාර්යාල සෑම සතියක ම සිකුරාදා දිනයේ වසා තැබීමට කටයුතු කර ඇතත් අධිකරණ පද්ධතියට එය අදාල නොවන බවත් සාමාන්‍ය පරිදි අධිකරණ කටයුතු සිදුකරන බවත් අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් එච්.සංජීව සෝමරත්න දැනුම් දෙයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍රලෙඛයක් නිකුත් කර තිබුණ ද කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අධිකරණයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම අපහසු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එමගින් දැනුම් දෙයි
අද (16) දිනැතිව ලේකම්වරයා විසින් සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාීන්, කම්කරු විනිශ්චයාධිකරණ සභාපතිවරුන් සහ රෙජිස්ට්‍රාර් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී ඇත.
ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම අධිකරණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එසේ වුව ද ඒ සඳහා අත්‍යාවශ්‍ය අවම නිලධාරීන් සහ සේවකයන් සංඛ්‍යාවක් පමණක් කැඳවීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.



