24.7 C
Galle

දරුවා ගඟට දැමූ මව රිමාන්ඩ්

Published:

තම දරුවා ගඟට තල්ලුකර දමා ගඟට පැන සියදිවි නසාගැනීමට උත්සාහ ගත් කාන්තාව ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර ඇත.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ වත්තල පදිංචි 42 හැවිරිදි ආබාධිත කාන්තාවකි.

පළමු විවාහයේ ඇයට වයස අවුරුදු 15ක පිරිමි දරුවකු සිටින අතර ඔහු ඥාතීන්ගේ රැකවරණය යටතේ හැදී වැඩෙන බව පවසයි. දෙවැනි විවාහයේ සැමියා ද මියගොස් ඇති බව පොලිසිය අධිකරණයේ දී කීවේය.

ගඟට තල්ලුකරන ලද දරුවාගේ සිරුර මෙතෙක් සොයාගෙන නැති අතර පොලිසිය සහ නාවික හමුදාව එම සිරුර සොයා මෙහෙයුම් දියත් කර ඇත.

Related articles

error: Content is protected !!