24.7 C
Galle

පැයට කිලෝ මීටර 196 ක වේගයෙන් ගිය රියදුරාට අධිකරණයෙන් දඩ

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පැයට කිලෝ මිටර 196ක වේගයෙන් රථයක් ධාවනය කළ රියදුරකුට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටියවත්ත කටයුතු කළාය.

මෙලෙස දඩ නියම වූයේ බේරුවල පදංචි හුසේන් මොහොමඩ් ෆයිස් නමැති අයකුටය.

දොඩන්ගොඩ ආසන්නයේ පොලිස් වේග නිරීක්ෂණයක දී ඔහු ධාවනය කළ සුඛෝපභෝගී රථය පැයට කිලෝ මීටර 196ක වේගයනේ ධාවනය වන බවට වේග නිරීක්ෂණ කැමරාවල සටහන්ව තිබිණි.

ඔහු සිය රථය අධිවේගී මාර්ගයෙන් පිටතට ගැනීමට උත්සාහ ගත් කෙරවලපිටියේ දී ඔහු නතරකර පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

error: Content is protected !!