24.7 C
Galle

වක්වැල්ලේ ජල නලයක් පුපුරා වතුර අපතේ යයි (වීඩියෝ සහිතයි)

Published:

ගාල්ල, වක්වැල්ල සිට ගිතොට දක්වා දිවෙන මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් මේ වනවිට ජලය විශාල වශයෙන් ගලායමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

අද (17) අලුයම 2.00ට පමණ මෙම නලය පුපුරා ගොස් ඇතැයි දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ කිලෝ මීටරයක් පමණ දුරින් ඇති ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වක්වැල්ල පිරිපහදු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුම් ගත්තද ඒවාට කිසිවෙකු සම්බන්ධ වී නැත.

ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිට මාර්ගයත් කැඩී යමින් පවතින බවයි. අසළ ඇති ඉඩම් කිහිපයක් ද ජලයෙන් යට වී ඇති අතර පිරිපහදු කරන ලද ජලය විශාල වශයෙන්  අපතේ යාම සිදුවෙයි.

Related articles

error: Content is protected !!