31.6 C
Galle

පොලිස් සැරයන්, රාජකාරී ගිනි අවියෙන් සියදිවි නසා ගනී

Published:

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට දී පොලිස් සැරයන්වරයකු සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි, තංගල්ල ‍පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි.

ඔහු තමම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

මනෝ වෛද්‍යවරු පවසන්නේ පුද්ගලයකුගේ සියදිව නසාගැනීමට දැඩි මානසික අවපීඩනය හේතුවක් වන බවයි. එය දීර්ඝකාලයක සිට ඇතිවන දෙයක් බවත් මෙවැනි තත්වයකට පත්වන පුද්ගලයකු කල් වේලා ඇතිව හඳුනාගෙන නිසි මානසික ප්‍රතිකාර සඳහා යොමුකිරීමෙන් සියදිවි නසා ගැනීමෙන් මුදවාගත හැකි බව ද මනෝ වෛද්‍යවරු කියති.

එවැනි දැඩි මානසික අව පීඩනයකින් සිටින පුද්ගලයන්ගේ හැසිරීම් අනුව ඔවුන් හඳුනාගත හැකි බැවින් එවැනි පුද්ගලයන් වෙත ගිනි අවි සැපයීම පවා භයානක බවද මනෝ වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!