24.1 C
Galle

සති දෙකක් රට වසා දැමීමට සාකච්ඡා. Online ක්‍රමය නැවතත් ?

Published:

ඉන්ධන අර්බුදය වඩාත් උත්සන්න වීම හේතුවෙන් ඉදිරි සති දෙකක් රට අර්ධ වශයෙන් වසා දැමීමේ හැකියාව පිළිබඳ අද (17) සවස පැවැත්වෙන සාකච්ඡාවක දී තීරණය කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන ගැටලු සහගත තත්වය නිසා මෙවැනි තීරණයක් ගැනීමට සාකච්ඡා පැවැත්වේ.

ඒ අනුව ඉදිරි සති දෙකක කාලයේ දී පාසල් නිවාඩු දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් හැර අනෙක් සේවාවන්හි කටයුතු ද හැකිතාක් නිවසේ සිට ම සිදුකිරීමට ද යෝජනා වී තිබේ.

අද රැස්වීමේ දී ගනු ලබන තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.  

Related articles

error: Content is protected !!