24.1 C
Galle

අර්බුදය නිසා ගුරුවරුන්ට ලැබෙන සහනය

Published:

රටේ පවතින ප්‍රවාහන අර්බුදය හේතුවෙන් රජයේ පාසල්වල ගුරුවරුන්ට තමන්ට පහසු පාසලක් වෙත තාවකාලික සේවා අනුයුක්තයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙලෙස ලබා දෙන සේවා අනුයුක්තය දෙසැම්බර් මස 31 වැනි දින දක්වා පමණක් වලංගු ව බවත් පාසලේ ඉගැන්විමේ ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයට අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාව ඇතිව පමණක් සිදුකළ යුතු බවත් දැනුම් දී ඇත.

එකම පළාතක ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර වුව ද අනුයුක්ත කිරීිම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත බලය පවරා තිබේ. තාවකාලික අනුයුක්ත කිරීම සිදුකරනු ලබන්නේ පළාත් දෙකක පළාත් සභා පාසල් අතර නම් ඒ සඳහා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අනුමැතිය ලැබිය යුතු බවට ද උපදෙස් නිකුත් කර තිබේ. එමෙන්ම පාළාත් දෙකක පිහිටි ජාතික පාසල් අතර අනුයුක්තය සිදුවන්නේ නම් ධ්‍යාපන අමාථ්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථානමාරු) විසින් සිදුකළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම උපදෙස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ නිවේදනය පහතින් සඳහන් කර ඇත.

Related articles

error: Content is protected !!