31.1 C
Galle

අගෝස්තු සහ දෙසැම්බර් පාසල් නිවාඩු නෑ. ඉදිරි සති දෙකේ Online අධ්‍යාපනය ගැන තීරණය හෙට

Published:

අගෝස්තු සහ දෙසැම්බර් පාසල් නිවාඩු අවලංගු කිර පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවත් ඉදිරි සති දෙකේ දී පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය හෙට (18) ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත පවසන්නේ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින් ඉදිරි සති දෙකේ දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයතු කිරීමට ගැන අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රවාහන ගැටලු නොමැති ගම්බද පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාවව ද මෙහි දී සළකා බලන බව ද අමාත්‍යවරයා කීවේය.

අගෝස්තු සහ දෙසැම්බර් මාසවල පෙර පරිදි පාසල් නිවාඩුවක් නොදීමටත් විභාග සඳහා අවශ්‍ය දින පමණක් පාසල් නිවාඩු ලබා දීමටත් මේ වනවිට තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!