31.1 C
Galle

කැලණි ගඟට දැමූ දරුවාගේ සිරුර මතු වූ තැන මෙන්න

Published:

මව විසින් කදිරාන පාළමෙන් කැලණි ගඟට තල්ලුකළ දරුවාගේ යැයි විශ්වාස කළ හැකි මළ සිරුරක් වෙන්නප්පවේ වෛක්කාල වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය පවසයි.

එම දරුවා ගඟට විසිකර තිබුණේ පසුගිය 15 වැනි දා ය. එ් මොහොතේ පටන්, ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සිරුර සොයා මෙහෙයුම් දයිත් කළ ද සිරුර සොයාගත නොහැකි විය.

පොලිසිය පවසන්නේ වෛක්කාල වෙරෙළෙන් හමු වූ මෙම මළ සිරුර බෙහෙවින් නරක් වී ඉදි මී තිබූ බවයි. එබැවින් එය හඳුනාගැනීමට නොහැකි තරමට විකෘති වී ඇත.

දරුවා ගඟට විසිකර දමා අනතුරුව ගඟට පැනීමට තැත්කළ මව ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදරිපත් කළ ඇය මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!