29.4 C
Galle

විශ්වමඩු කලබලයක්. තත්වය පාලනයට අහසට වෙඩි තබයි

Published:

මුලතිව් විශ්වමඩු ප්‍ර‍දේශයේ ඉන්ධන පිරවුම්හළක ඇති වූ කලබලකාරී තත්වයක් පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

හමුදා පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමක් හේතුවෙන් මේ අද (18) රාත්‍රී කලබලකාරී තත්වය හටගෙන තිබේ. තත්වය පාලනය කරගැනීම සඳහා යුද හමුදාව විසින් අහසට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. මේ කලහකාරී සිද්ධියට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Related articles

spot_img
error: Content is protected !!