29.4 C
Galle

උතුරේ ඇති වූ කලබලය කුමක් ද ? හමුදාව වෙඩි තැබුවේ ඇයි

Published:

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රී කලහකාරී සිද්ධියක් ඇතිවූයේ බීමත් පිරිසක් විසින් යුද හමුදා මුරපොළක් අසළ කළහකාරී ලෙස හැසිරීමෙන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසයි.

මෙම කලහකාරී තත්වය පාලන කිරීම සඳහා අහසට වෙඩි තැබීමට සිදුවූ බවත් සිද්ධියෙන් යුද හමුදා සෙබළු තිදෙනකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය විසින් කලහකාරීව හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුරකුටිය අසළට පැමිණි බීමත් පුද්ගලයන් කළහකාරී ලෙස හැසිරෙමින් මුර කුටියේ සිටි සෙබළුන්ට ගල් මුල් සහ බෝතල් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන් පසු හමුදා අණු කණ්ඩයට ඒ බව දැනුම්දීමත්  සමඟ එතැනට තවත් භට පිරිස් පැමිණ ඇති අතර කලහකාරී පුද්ගලයන් හමුදා භට පිරිස් පැමිණි වාහනයට ද පහර දී  ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය ද මෙම ස්ථානයට  පැමිණ ඇති අතර තත්වය පාලන කිරීමට හමුදාව විසින් අහසට තබා ඇත.

Related articles

spot_img
error: Content is protected !!