29.4 C
Galle

නිවසේ සිට වැඩකරන්න යැයි පුද්ගලික අංශයෙන් ඉල්ලීමක්

Published:

පුද්ගලික අංශයෙත් හැකි  සෑම අයකුට ම සිය නිවසේ සිට වැඩ කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (19) ඉල්ලීමක් කළෙල්ය.

ඔහු මේ ඉල්ලීම කළේ අද (19) කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“දැනටමත් රජයේ කාර්යාලවල කටයුතු අවම නිලධාරීන් සංඛ්‍යාවකින් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා පුද්ගලික අංශයෙනුත් හැකිතාක් තම සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව දෙන්න කියලා. අපි ඒක කළ යුතු දෙයක්. මෙය අපි හැමෝටම අසීරු අවස්ථාවක්. පුද්ගලික අංශයෙත් ඉන්නවා ඔන්ලයින් වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක්. එ් විදියට වැඩ කිරීමෙන් මේ ගැටලු අවම කරගත හැකියි.” යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!