29.4 C
Galle

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ හෙට ශ්‍රී ලංකාවට එති

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩයාම හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පසුගිය 07 වැනි දා එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝරිජිවාට දුරකථනයෙන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ රට පත්ව තිබෙන අර්බුදකාරී තත්වය පිළිබඳ පැහැදිළි කරමින් හැකි ඉක්මණින් නියෝජිතයන් පිරිස එවන ලෙස ඉල්ලා තිබිණි.

එම ඉල්ලීමෙන් පසු ඇය පසුගිය 09 වැන දා දැනුම් දී තිබුණේ ජුනි 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියොජිතයන් පිරසක් ශ්‍රී ලංකාවට එවන බවයි. ඒ අනුව ඔවුන් හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු කර තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ එම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සතියක පමණ කාලයක් මෙරට රැඳී සිටිමින් සාකච්ඡා කිහිපයකට ම එක්වන බවයි.  

Related articles

spot_img
error: Content is protected !!