29.4 C
Galle

කැබිනට් රැස්වීමට පෙර, ජනාධිපති පොහොට්ටු මන්ත්‍රීන් හමුවෙයි

Published:

ශ්‍රී ලංකා පොදු ජන පෙ‍රමුණේ මන්ත්‍රීවරු සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) සවස විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉන්ධන අර්බුදය හමුවේ රට පුරා නිර්මාණය වී ඇති ගැටලු සහගත තත්වයන් පිළිබඳ එහි දී සාකච්ඡා කරන බව දැනගන්නට ඇත. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳ ජනාධිපතිවරයාගේ විමසීමට මන්ත්‍රීවරු පිරිසක් සූදානම්ව සිටිති.

මෙම රැස්වීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව ද වාර්තා වෙයි.

හෙට (21) සිට දින 04ක් නැවත පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!