28.9 C
Galle

ගෘහ සේවයට යා හැකි වයස් සීමාව පහළට ගනී

Published:

ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දැනට පවතින වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක්, අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා වයස අවුරුදු 23ක් සහ සෙසු රටවල් සඳහා අවුරුදු 21ක් වේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙම වයස් සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කළ බවත්, එම අනු කමිටුව ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Related articles

spot_img
error: Content is protected !!